අවසාන වරට ආචාර්ය නලින් ද සිල්වා මැතිතුමා හමු වු දිනය හා මතකයන් - අනුරාධ පියදාස


මා සාමාන්‍යයෙන් මෙවැනි ඡායාරූප වලට පෙනි නො සිටියත්, කුමන හෝ හේතුවකට හෝ මෙදින මෙම ඡායාරූපයට පෙනි සිටින්නට සිතක් පහල වුනා.

මෙය 2024 ජනවාරි මස 03 දින රාජකීය ආසියාතිකයන්ගේ සංගමයේ (Royal Asiatic Society of Sri Lanka) ආචාර්ය නලින් ද සිල්වා මැතිතුමා පැවැත් වු දේශනය බොහෝ විට එතුමා ශ්‍රී ලංකාවේ දී පැවැත් වු අවසන් ප්‍රසිද්ධ දේශනය විය හැකියි.
මේ දේශනය සංවිධානය කිරීම හා ඒ සඳහා රාජකීය ආසියාතිකයන්ගේ සංගමයට මේ දේශනය යෝජනා කිරීම පිළිබඳ ව අද එතුමා අප අතර නොමැති වීම පිළීබඳ ව මා සංවේගයෙන් යුතු ව වුවත් සතුටු වෙනවා. එහි දී මෙම දේශනය පැවැත් වීම සම්බන්ධයෙන් මා හාටඋදව් කල අය සිහිපත් කල යුතු අතර, විශේෂයෙන්ම ඈෂ්ලි ඩි වෝස් මහතාව මතක් කල යුතු ය. එහි දී ඔහු ආචාර්ය නලින් ද සිල්වා මැතිතුමා ඉහල බුද්ධිමතෙකු යැයි සඳහන් කර, මේ දේශනය පැවැත් විය යුතුමයැයි ඔහු කියා සිටින ලදී. මේ සඳහා Punsara Amarasinghe හා Nalaka Jayasena යන දෙපළට ද විශේෂ ස්තුතියක් පල කල යුතු ය.

එලෙස ම අප පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනයෙන් සංවිධානය කල "අපේ ඉතිහාසයට නව සුසමාදර්ශයක්" දේශන මාලාවට ( https://www.youtube.com/watch?v=ryq6KDaT1-k... ) ඔහු දැක් වු උනන්දුව කවදාවත් ම අමතක කල නො හැකියි. මෙය විශේෂයෙන්ම Chandima Ambanwala වල‌ගේ අදහසක් අනුව සංවිධානය කරන ලද දේශන මාලාවක්. මෙහි දී අප හට එල්ල වු බලපෑම් ගැන නො තකා මේ දේශන මාලාව සංවිධානය කිරීම කොතරම් වටින්නේ ද යන්න වැටහෙන්නේ එතුමා අප අතර නැති අදය. එතුමා ඉතිහාසය ප්‍රශ්න කල ආකාරය සම්ප්‍රදායික ලෙස ඉතිහාසය හදාරන උගතුන්ට ප්‍රශ්නයක් වු බව ඔවුන් අප හට දැක්වු අදහස් වලින් තේරුම් ගත හැක. එතුමා මේ දේශන මාලාවට උනන්දු වු ආකාරය හා ඒ සඳහා කරුණු එකතු කරපු ආකාර සංවිධායකයන් හැටියට අපි හො ඳින් ම දන්නවා.

මේ දේශන මාලාවේ දී Sasika Prasad "ඉතිහාසය විද්‍යාවක් ද?" යනුවෙන් ඇසු ප්‍රශ්නයට එතුමා ලබා දුන් පිළිතුර (https://www.facebook.com/nalinkalaya/posts/771705105063760 ) සම්ප්‍රදායික ලෙස ඉතිහාසය හදාරන උගතුන්ට වැදගත් වෙයි කියලා මම හිතනවා.

එතුමා සීගිරියේ බින්දුව ( https://www.youtube.com/watch?v=lRjje8BWblY... ) පිළිබඳ කල දේශන මාලාවට පසුව ඒ පිළිබඳ පරීක්ෂණ කිරීමට කණ්ඩායමක් එකතු කර ගැනීමට උත්සහ කලා. එ සඳහා සක්‍රීයව දායක වෙන්න බැරි වීම පිළිබඳ අප ආයතනයක් හැටියට කණගාටු වෙනවා. මේ පිළිබඳ ව හොඳින් ම දන්නේ Kusumsiri Kodithuwakku හා Harsha Wijayawardhana දෙදෙනා.

එතුමා මා හා කිහිප වරක් ම ඉතිහාසය පිළිබඳ ව හැදෑරීම මිට වසර 15 විතර කලින් ආරම්භ කරන්න තිබ්බ නම් හොඳයි පැවසුවා.එය එසේ වුවා නම් ඉතිහාසය පිළිබඳ ව අප සිතන ආකාරයට විශාල බාලපෑමක් එතුමා කරනු ඇත.
2024 ජනවාරි මස 03 දින රාජකීය ආසියාතිකයන්ගේ සංගමයේ දේශනයෙන් පසු ආචාර්ය නලින් ද සිල්වා මැතිතුමාව නිවසට ඇරලාව ඔහුට වැද සමු ගැනීමේ දී එය අපගේ අවසාන හමු වීම යැයි මා කිසි විටකත් සිතුවේ නැත. එදින ඔහු පවුල හා පවුල වෙනුවෙන් අපගේ යුතුකම් පිළිබඳ මා හට පැවසු අදහස් සෑම දා මා මතකයේ රැඳෙනු ඇත. මාගේ දියණිය ලෙඩ වු විට මා හට නිතර කථා කර පියෙකු මෙන් ඇය ගැන විමසීම මෙන් ම මා හට උපදෙස් ලබා දීම කෙදින කවත් මා එවැනි දැවැන්තයෙකුගෙන් බලාපොරොත්තු වු දෙයක් නෙමෙයි. මෙවැනි අත් දැකීම් මා මෙන්ම බොහෝ අයට ඇති බව මා දනිමි. ඔහු අවසන් වරට මා හට දුරකථනයෙන් කථා කරනු ලැබුවේ ද මාගේ හා දියණියගේ අසනීප තත්වය පිළිබඳ විමසීමට ය.

ජාතියට මඟ කියූ ගුරුතුමණි, ඔබ ප්‍රාර්ථනා කළ බෝධියකින් අමා මහ නිවනට පත් වේවා!
Share: