ඒ මහා විද්වතා, මහා ප්‍රාඥයා, මහා දේශප්‍රේමියා - ලාල් ද අල්විස්



-ලාල් ද අල්විස්

උපන් බිමට මහා සේ ලැදියාවක් දැක්වූ,
ඒ මහා විද්වතා,
ඒ මහා ප්‍රාඥයා,
ඒ මහා දේශප්‍රේමියා,
අද දෑයෙන් සමුගත්තේය...

මහාචාර්ය නලින්ද සිල්වා ඕනෑම රටක සරසවියක ආචාර්යවරයකු ලෙස සේවය කිරීමට උපරිම සුදුසුකම් ලැබූ විද්වතෙකි...
ඒ ඊයේ පෙරේදා නොවේ..
දැනට දශක පහකට පමණ පෙර අතීතයේය....
එහෙත් ඔහුට ඒවා එතරම් වැදගත් දේවල් නොවීය..
බොහෝ දෙනා වටිනා දේවල් ලෙසට සලකන දේ ඔහුට නොවැදගත් විය..
ඔහුට උපන් බිම සහ ඒ ස්වාධීනත්වය න් ඒ සියල්ලටම වඩා ඉහළ වටිනාකමක් ගෙන දුන්නේය...
සමහරුන්ට අනුව ඔහු ප්‍රායෝගික මිනිසෙක් නොවීය...
නමුත් ඔහු පළ කළ සමහර අදහස් දහස් පල කරන මොහොතේ කිසිවෙකුත් විශ්වාස නොකළහොත් පසුකාලීනව ඒවා සත්‍යයක් බවට පත්විය...
ම්ලේච්ඡ එල් ටී ටී ත්‍රස්තවාදීන් සිය ත්‍රස්ත බලය උපරිමයට විහිදුවන යුගයේ මෙරට බොහෝ විද්වතුන් කියා සිටියේ මෙය අනිවාර්යෙන්ම එල්ටීටීය හා සාකච්ඡාවෙන් විසඳාගත යුතු දෙයක් බවය..
යුදමය වශයෙන් කිසි දිනක එල්ටීටීය පරාජය නොකළ හැකි බව ඔවුන් බොහෝ දෙනාගේ මතය විය.

මහාචාර්ය නලින් ද සිල්වා කිසිවිටකත් ඒ මතය පිළිගත්තේ නැත..
බිහිසුනු ත්‍රස්තවාදය අවි බලයෙන්ම ජයගත හැකි බව ඔහු දිගින් දිගටම පැවසුවේය...
පැරදි විය නොහැකි වට යුධ විශේෂඥයන් පවා පැවසූ ලොව බිහිසුනුම ගරිල්ලා ත්‍රස්තවාදය පැරදිවිය හැකි යන ජන මතය ඇති කිරීමට එතුමා ගත් උත්සාහය සුළු පටු එකක් නොවේ..
ඒ මතවාදය නතාව පිළි නොගත්තේ නම් යුද්ධය ජයග්‍රහණය කිරීමට ඉතා අපහසු වනු ඇත.
ඒ නිසා අද අප විඳින නිදහස ඇති කිරීමට එතුමා විසින් කරනු ලැබූ කාර්යභාරය අති විශිෂ්ටය..
නමුත් අප සමාජයේ එය නිසි ඇගයීමට ලක් නොවූ බව නම් කිව යුතුය..
සමහරු එතුමාට නොයෙක් අපහාස උපහාස කළහ..
එතුමා නොකළ දේ ද කළ දී බව පවසමින් සමහරු විහිළු කළහ..
නමුත් ඔහු යමක් කලේ නම් ඒ කලේ මව්බිමේ ආරක්ෂාව සහ යහපත උදෙසා ඔහුට සත්‍යයැයි විශ්වාස කළ මග ඔස්සේ පමණක්මය...
ඔහුගේ ගණිත දැනුම ඔහු ආචාර්ය උපාධිය හැදෑරූ සසෙක්ස් සරසවියේ ආචාර්ය මහාචාර්ය වරුන්ගේ ද ඇගයීමට ලක්වූ එකක් විය...
සමහර නොබෙල් ත්‍යාගලාභී ගණිතඥයන් හා සම මට්ටමේ ඔහු එකල එම විෂය සඳහා දස්කම් දැක්වූයේය..

ඔහු කිසිදා කිසිම හේතුවකට වරප්‍රසාදයකට ජාතික චින්තනයෙන් ඉවත් වූයේ නැත...
ඉතා සැප පහසු ජීවිතයක් ඔහු උගත් දැනුමෙන්
ලොව ඕනෑම දියුණුම රටක ලබා ගැනීමට ඉතා පහසුවෙන් හැකියාව තිබියදී,
මේ සැබෑ අවංක දේශප්‍රේමියා ඒ කිසිවෙකටත් වඩා ,
මවුබිමේ පැවැත්ම වෙනුවෙන් ආරක්ෂාව වෙනුවෙන් ඔහුට කළ හැකි සියලුම දේ කිරීමට පසුබට වූයේ නැත..

අසාධාරණය ඉදිරියේ කිසිදා හඬ නොනගා සිටියේ ද නැත...
ඔබ කියපු දේ වල් අද බොහෝ දෙනා උපහාසට ගැනීමට ඉඩ ඇත..
නමුත් ඒවා සැබෑවීමට වැඩි කලක් නොයන බව සමහර විට අද සිදුවෙන සමහර සිදුවීම් දෙස බලන විට පෙනේ...
ඔබ කිව් දේ සත්‍ය දේවල් බවට අපේ බහුතරයට හැඟෙන විට විය යුතු දේ සියල්ල සිදුවී හමාරව තිබෙනු ඇත...
මහාචාර්ය නලින්ද සිල්වා මැතිතුමනි ඔබ මේ රටට හොඳ වැඩිය.
ඔබට සිදු වූයේ එයයි..

බෞද්ධ දර්ශනයේ ඇති ගැඹුර ලොව අන් සියලු විද්‍යාවන් අභිබවා යන බවට,
ලොව ඉහළම පෙලේ ගණිතඥයෙකු වශයෙන් ලොව වර්තමානයේ ඉහළම සරසවියක් යැයි පිළිගැනීමක් ඇති සරසවියකින් ආචාර්ය උපාධිය හිමිකර ගත් මෙතුමා නිරතුරුව අදහස් ඉදිරිපත් කළේය..

ඒ ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයාට සසර කෙළවර අමා මහ නිර්වාණ සම්පත්තිය හිමිවේවා...
රාජ්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් කැපවූවන්ට අවාසිදායක ලෙස මතවාදයන් ප්‍රචලිත කළ ආචාර්යඒ.ටී.ආරියරත්නට රාජ්‍ය ගෞරව දුන්නා නම් රාජ්‍ය ගෞරවය එලෙස සිය වරක් හිමිවිය යුතු,

රාජ්‍යයට සැබෑ ලෙස ආදරය කළ,
රාජ්‍යයේ ආරක්ෂාව පැවැත්ම වෙනුවෙන් නිරතුරුව සිය මතය ඉදිරිපත් කළ සැබෑ දේශප්‍රේමියෙක් ලෙස මහාචාර්ය නලින්ද සිල්වා හැඳින්විය හැක..
ගොම බෙටි උඩ එන මිනි මුතු යට යන රටක ඔබට හිමිවූ තත්ත්වය පුදුමයට කරුණක්ද නොවේ..
මේ සසර ගමන කෙළවර ඔබතුමාට අමාමහ නිර්වාණ සම්පත්තියම හිමිවේවා...
Share: