නලින් සර්- අනුප පැස්කුවෙල්

- අනුප පැස්කුවෙල්

මහාචාර්ය නලින්ද සිල්වා කියලා කියන්නේ මගේ ගුරුවරයා.
මම කොළඹ විශ්ව විද්‍යාලයට ගියේ 1986 වසරේ දී ජීව විද්‍ය අංශය හැදෑරීම සඳහා. නමුත් ආචාර්ය නලින් ද සිල්වා කියන්නේ ගණිත අංශයේ ආචාර්යවරයෙක්. මම එතුමා සමඟ සම්බන්ධ වුනේ ගවේෂකයෝ කියන සංවිධානය හරහා. එතැනදී විශ්වවිද්‍යාල දැනුමට අමතරව දේශපාලනය, කලාව, ඉතිහාසය සංස්කෘතිය, දෙමළ-ඊලාම් ත්‍රස්තවාදය වගේ සියලුම විෂයන් පිළිබඳව සාකච්ඡා කරපු තැනක්.

එතනින් අපේ දැනුම විෂය පද්ධතියට එහාට ගිහිල්ලා සංවාදශීලී සහ නිර්මාණශීලී තත්ත්වයන් ඇතිකර ගැනීම සඳහාත් ඒ වගේම පවතින දේශපාලන ක්‍රමය තුළ ජාතික චින්තනය කියන සංකල්පය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමටත් ඉවහල් වුණා.

විශ්ව විද්‍යාල දේශපාලනයේදී වැදගත්ම චරිත තුනක් ජාතික චින්තනය තුළ හිටියා. ඒ තමයි මහාචාර්ය නලින්ද සිල්වා. ඊට පස්සේ ගෙවිඳු කුමාරතුංග.ඊට පස්සේ මම, අනුප පස්කුවල්.

මම මුලින්ම කොළඹ විශ්ව විද්‍යාලයේ ජාතික චින්තනය නියෝජනය කරමින් ශිෂ්‍ය සභාවේ සාමාජිකයෙක් වුනා. ඊට පස්සේ විද්‍යා පීඨයේ කැඳවුම්කරු වුණා. ඊට පස්සේ මම කොළඹ විශ්ව විද්‍යාලයේ පීඨ පහේම ශිෂ්‍ය සභාවේ කැඳවුම් කරුවුණා. ඊට අනතුරුව පීඨ පහේම සභාපති උනා. ඒ හැම ස්ථානයකදීම මම නියෝජනය කරේ මහාචාර්ය නලින්ද සිල්වා දරපු මතය වන ජාතික චින්තනය. එතනදි විශේෂයෙන්ම මහාචාර්ය නලින්ද සිල්වාගේ ගමනට ප්‍රධාන වශයෙන්ම සේවයක් කරපු චරිතයක් තමයි ගෙවිඳු කුමාරතුංග. මුළු විශ්ව විද්‍යාලය නියෝජනය කරමින් නලින් සර් ගැන යම් මතක අවදි කිරිමක් සිදු කිරිමට එතුමාට අවස්ථාව ලබා දීම ගැන අපි සතුටු වෙනවා. අපි සියලු දෙනාම එකට එකතුවෙලා රට ජාතිය ඒ වගේම නලින් සර් කියපු විදිහට සම්බුද්ධ සාසනයම රැකෙන විදියට කටයුතු කර
Share: