ආචාර්ය නලින් ද සිල්වා මහතාගේ දිවි මඟ තොරතුරු


උපත : ක්‍රි.ව. 1944 ඔක්තෝබර් 20 වැනිදා, පානදුර, වෑකඩ දී

සම්පූර්ණ නම : ථකුරාර්ථ දේවාදිත්‍ය ගාර්දියවසම් ළඳමුලගේ නලින් කුමාර ද සිල්වා

දෙමව්පියන් : පියා : දනියෙල් ද සිල්වා

මව : විජේසූරිය ගුණවර්ධන මහවඩුගේ ඩේලින් පෙරේරා

අධ්‍යාපනය ලැබූ පාසල් :පළමු ශ්‍රේණියේ සිට තුන්වෙනි ශ්‍රේණිය දක්වා පානදුරේ වෑකඩ බෞද්ධාලෝක මිශ්‍ර පාඨශාලාව.
දෙවැනි ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා කොළඹ තර්ස්ටන් විද්‍යාලයෙන් (නිසි වයස සම්පූර්ණ කර නොතිබූ නිසා ඔහු නැවත දෙවන ශ්‍රේණියට ඇතුළත් කර ඇත.
හයවැනි පන්තියේ සිට සරසවි ප්‍රවේශය තෙක් කොළඹ රාජකීය විද්‍යාලය.

1962 වසරේ පැවැති සරසවි ප්‍රවේශය විභාගයෙන් ශුද්ධ ගණිතයට සහ ව්‍යාවහාරික ගණිතයට රාජකීය විද්‍යාලයෙන් වැඩිම ලකුණු ලබාගෙන රාජකීය විද්‍යාලයීය ත්‍යාගය දිනාගෙන ඇත.

විශ්වවිද්‍යාලයට ඇතුළත් වනතුරු කෙටි කාලයක් වාද්දුව මධ්‍ය විද්‍යාලයේ උසස් පෙළ ගණිතය ඉගැන්වීම් කර ඇත.

අධ්‍යයනය ලැබූ විශ්වවිද්‍යාල :

1963 : ලංකා විශ්වවිද්‍යාලයට

ඉංජිනේරු පාඨමාලාව හැදෑරීම සඳහා සුදුසුකම් තිබුණ ද ව්‍යවහාරික ගණිතය හදාරා ඇත.1967 දෙසැම්බර් මාසයේදී විද්‍යාවේදී (B.Sc) උපාධිය ලබාගෙන ඇත.

1969 ජනවාරි මාසයේ දී පශ්චාත් උපාධි පර්යේෂණ කටයුතු සඳහා බ්‍රිතාන්‍යයේ සසෙක්ස් සරසවියට ඇතුළත් වී ඇත. එහි දී ඔහු තාරකා භෞතික විද්‍යාව හදාරා ඇත.

ඒ සඳහා 1970 දී ඔහු ඉදිරිපත් කළ පර්යේෂණය නිබන්ධනයෙහි, භ්‍රමණය වන වස්තු වටා භ්‍රමණයට ප්‍රතිවිරුද්ධ අතට ප්‍රක්ෂේප කෙරෙන අංශු, අවස්ථිති සමුද්දේශ රාමුවේ භ්‍රමණයන් සමග ඇදීයෑමේ ප්‍රතිඵලයක් ලෙස පසුව වස්තුව භ්‍රමණය වන අතට ම චලනය වන බවට අයිස්ටයිනීය ප්‍රවාදය යොදා ගනිමින් සෛද්ධාන්තික ලෙස පළ කළ අනාවැකිය අසූව දශකය අග දී බ්‍රිතාන්‍යය, ඇමරිකානු ඒකාබද්ධ පර්යේෂණ කණ්ඩායමක් කළ පර්යේෂණයන්හි දී සනාථ වී ඇත.

දර්ශනපති උපාධිය ලබාදීමේ දී අවම වශයෙන් වසර දෙකක කාලයක් පර්යේෂණ කටයුතු කළ යුතු වුවත්, එම කාලයට පෙර පර්යේෂණ කටයුතු අවසන් කළ ඒ මහතා දර්ශනපති උපාධිය ඉල්ලා ඇත. උපාධියක් පිරිනැමීමේ පටිපාටිය සංශෝධන කර එම සරසවිය උපාධිය පිරිනමා ඇත. ඒ වනවිට නලින් ද සිල්වා මහතා 26 වැනි වියෙහි පසුවී ඇත.

එම විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු ලෙස කටයුතු කළ විලියම් මැක්රේ, නලින් ද සිල්වා මහතාට ලබාදුන් සහතිකයක, “ඔබේ රට ඔබ ගැන ආරම්බර වනු ඇත” යනුවෙන් සඳහන් කර ඇත.වෘත්තීය ජීවිතය

ක්‍රි.ව. 1970-1975 තෙක් පේරාදෙණිය සරසවියේ, විද්‍යා පීඨයේ කනිෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස ආරම්භ කර ඇත.1971 දී තමාරා දරාඬකුඹුර මෙනවිය සමග යුග දිවියට ඇතුළත් වී ඇත.
දරුවන් තිදෙනයි : තාරක, ළහිරු, සඳමාලි
1975 අප්‍රේල් මාසයේ දී බිරියගේ පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සඳහා ඔස්ට්‍රේලියාව බලා යෑම.

1977 දෙසැම්බර් මාසයේ දී යළි ලංකාවට පැමිණියත් ඔහුට පේරාදෙණිය සරසවියේ අදාළ කථිකාචාර්ය ධුරය නොලැබී ඇත.1979 සිට 1992 දක්වා කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිත අංශයේ සේවය කර ඇති අතර වැඩ තහනමකට ලක් වන තුරු එහි සේවය කර ඇත.
2001 තමාගේ වැඩ තහනම් කිරීමට එරෙහිව පනවන ලද නඩුවෙන් ඒ මහතා ජයග්‍රහණය කළ අතර එම වර්ෂයේ සිට යළිත් කැලණිය සරසවියේ ගණිත අධ්‍යයනාංශයේ සහාය මහාචාර්යවරයා ලෙස සේවයට එක්වී ඇති අතර පසුව එහිම අංශාධිපතිවරයා වශයෙන් ද කටයුතු කර ඇත.
2020 බුරුමයේ තානාපතිවරයා ලෙස පත්වී වසරක පමණ කාලයක් එහි සේවය කර ඇත.
අභාවය 2024 මැයි 2

ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේදීය.

සිය පුතාගේ නිවසට ගොස් සිටියදී.
Share: