'ආගම සහ මාක්ස්වාදය' පිළිබඳ විවාදයේ මතක - උපාලි ගජනායක


තරුණ නලින්ගේ දේශපාලන ජීවිතයේ එක්තරා කඩයිමක් වුනේ 1975 වසරේ පේරාදෙණිය සරසවියේ ‘බෞද්ධ සහෝදර සංගමය’ විසින් පවත්වන ලද එක්දින සම්මන්ත්‍රනයකි. එම සම්මන්ත්‍රණයේ ප්‍රධාන කථිකයන් දෙදෙනකු වුනේ මහාචාර්ය නලින් ද සිල්වා සහ මහාචාර්ය කඹුරුපිටියේ ආරියසේන හිමියන්ය.සම්මන්ත්‍රණය පැවැත්වුණේ පේරාදෙණිය සරසවියේ කලාගාරය තුළයි.
'ආගම සහ මාක්ස්වාදය' යන තේමාව යටතේ අදහස් දැක්වූ මහාචාර්ය නලින් ද සිල්වා ආගම සම්බන්ධයෙන් වූ තම ස්ථාවරය පැහැදිළි කළේ ඒ සම්බන්ධයෙන් වූ මාක්ස්වාදී නිර්වචනය අනුව යමිනි. සමාජ සංවර්ධනයේ ඓතිහාසික අවධීන් ඓතිහාසික භෞතිකවාදය උපයෝගීකර ගනිමින් විශ්ලේෂණය කළ නලින් ද සිල්වා, ඉතිහාසයේ පන්ති සහිත සමාජක්‍රම බිහිවීමත් සමඟ පූජක පන්තීන් විසින් ආගම මහජනයා සූරාකෑමේ අවියක් කරගන්නා ආකාරය පැහැදිළි කළේය. නලින් ට අනුව ඉතිහාසයේ පන්ති විරහිත සමාජ අවධියක් විය. පොදු නිෂ්පාදන ක්‍රමයක් සහ පාරිභෝජන රටාවක් වූ එම සමාජ ක්‍රමයෙහි සූරාකන්නකු හෝ සූරාකෑමට ගොදුරුවන්නකු නොවුණි.එය ආගම් හෝ පූජක තන්ත්‍රයක් ද නොවූ සමාජ අවධියකි.

�නලින් ගේ අදහස අභියෝගයට ලක්කරන ලද්දේ මහාචාර්ය කඹුරුපිටියේ අරියසේන හිමියන් විසිනි.

කාර්ල් මාක්ස් සහ එංගල්ස් පමණක් නොව තෝමස් හොබ්ස්, ජෝන් ලොක් සහ රූසෝ වැනි සමාජ සම්මුතිවාදීන්ටත් පෙර වසර දෙදහස් පන්සීයකටත් වැඩි අතීතයක පන්ති විරහිත සමාජයක් සම්බන්ධයෙන් පළමු දාර්ශනික විග්‍රහය ඉදිරිපත්කරන ලද්දේ බුදුන් වහන්සේ විසින්ය යන්න උන්වහන්සේගේ විග්‍රහය විය. රාජ්‍යය පිළිබඳ එම බෞද්ධ ඉගැන්වීම අරියසේන හිමියන් විසින් විස්තරකරන ලද්දේ දීඝනිකායේ අග්ගඥ්ඥ සූත්‍රය අනුව යමිනි.

�කාර්ල් මාර්ක්ස්ට පෙර පන්ති විරහිත සමාජයක් පැවති බව බුදුන් පැහැදිළි කර ඇතැයි සඳහන් කළ අරියසේන හිමියෝ රාජ්‍යය බිහිවුනේ පොදු දේපොළ බුක්තිය උල්ලංඝනය කරමින් දේපොළ එක්රැස් කරනු ලැබීම සහ සොරකම- අපරාධ ආදිය සමාජගතවීමට විසඳුමක් වශයෙන් 'මහා සම්මත' පාලකයා පත්කරගනු ලැබීම සමඟ බව සඳහන් කළේ නලින්ට අභියෝග කරමිනි.

'' කල්ප විනාශයෙන් අනතුරුව නැවත ලෝකයේ පහළවෙන ජීවීන් කල්යාමේ දී මිනිසුන් හැටියට ජීවත්වුණේ කුසගින්න ඇතිවන අවස්ථාවන්හි ස්වාභාවික පරිසරයට අයත් සම්පත් පොදුවේ බුක්ති විඳිමිනි. ආහාර අවශ්‍ය මොහොතේ ස්වභාවික ‘බත’’ බුක්ති විඳීමක් මිස ඒවා ගොඩගසා ගැනීමක් නොවුණි. එහෙත් අලස මිනිසකු එකවර දෙතුන් වේලකට අවශ්‍ය ආහාර ගොඩගසා ගැනීමත් සමඟ සෙසු අයත් තරඟකාරීව ස්වාභාවික 'බත' ගොඩගසා ගැනීම පෞද්ගලික වශයෙන් වැට කඩොලු ගසා ගනිමින් දේපොළ අයත්කර ගැනීමේ ආරම්භය සනිටුහන් කළේය.

“‘අපි කුඹුරු බෙදලා මායිම් දැම්මොත් හොඳයි.’ ඔවුහු යෝජනා කර ගත්හ.
“වාසෙට්ඨය, යම් අලසයෙක් තමාගේ කොටස රැකගෙන අනුන්ගේ කොටසක් සොරාගෙන කෑවේය.එවිට සෙසු මිනිස්සු එම පුද්ගලයා අල්ලාගෙන, ‘ඔබ කළේ නරක දෙයක්, ඔබේම කොටස ආරක්ෂා කර ගනිමින් ඔබ වෙනත් කෙනෙකුගේ කොටස අනුභව කළා. නැවත එවැනි දෙයක් නොකරන'' ලෙස උපදෙස් දුන්හ.නමුත් දෙවන වතාවටත්, තුන්වන වතාවටත් ඇතැමුන් එකම වරද, දිගටම කරගෙන ගිය හෙයින් මිනිස්සු ඔවුන්ට අතින්, ගල්වලින්, තවත් සමහරු පොලුමුගුරුවලින් පහර දුන්හ. සොරකම් කිරීම ද දොස් කීම ද බොරු කීම දඬුවම ආරම්භවුනේ එපරිද්දෙනි.එපරිද්දෙන් සොරකම,අපරාධ සහ දඬුවම ආරම්භ වුනේ පෞද්ගලික දේපොළ ඇතිවීමත් සමගය. සමාජය එක්ව පොදු සම්මතයෙන් 'මහා සම්මත' පාලකයා පත්කරගන්නා ලද්දේ එවැනි සමාජයක් පාලනය සඳහාය.

�අරියසේන හිමියන් බුදුසමය සහ මාක්ස්වාදය සම කරන ලද්දේ දර්ශනවාදයන් දෙකම රාජ්‍යයේ ප්‍රභවයට පෞද්ගලික දේපොළ ක්‍රමය හේතුවීය යන ආස්ථානයේ සිටින බව දක්වමිනි. අවාසනාවකට නලින් ඒ වනවිට එම බෞද්ධ සූත්‍රය ගැන දැන සිටියේ නැත. පළමු සංවාද සැසිය නිමාවේ කෙළින්ම සරසවි පුස්තකාලයට ගිය නලින් අග්ගඥ්ඥ සූත්‍රය කියවා සවස්වරුවේ සංවාදයට පැමිණියේ එහි පිටපතක් ද රැගෙනය.

�සොරකම, වෙනත් අපරාධ හෝ දඬුවම නිසා රාජ්‍ය බිහිවීයැයි පැවසීම පටු විශ්ලේෂණයක් ලෙස විග්‍රහකළ නලින්, රාජ්‍යය බිහිවුනේ 'අතිරික්ත නිෂ්පාදනයේ' ප්‍රතිපලයක් නිසා බවට තර්ක කළේය. රාජ්‍යය යන්නට පර්යාය පදයක් හැටියට 'අතිරික්ත නිෂ්පාදනය' භාවිතාකළ හැකිබව ඔහු සඳහන් කළේ ඓතිහාසික භෞතිකවාදය පිළිබඳ මාක්ස්වාදී ඉගැන්වීම ගුරුකර ගනිමිනි.

�සිය මාක්ස්වාදී ස්ථාවරය මත දිගටම පෙනී සිටි මහාචාර්ය නලින් ද සිල්වා, කඹුරුපිටියේ අරියසේන හිමියන් සමග දිගටම ගැටෙමින් '' ආගම සූරාකෑමේ අවියක් වන අතර භික්ෂූන් යනු සමාජය සූරාකමින් යැපෙන පරපුට්ටන් රැළක්'' බවට අභියෝග කළේය.

'' ආගම සූරාකෑමේ අවියක් වන අතර භික්ෂූන් යනු සමාජය සූරාකමින් යැපෙන පරපුට්ටන් රැළක්'' බවට අභියෝග කළේය.

�ආගම සම්බන්ධයෙන් පමණක් නොව 'ජාතිය' සම්බන්ධයෙන් ද තරුණ නලින්ගේ දාර්ශනික දැක්ම මාක්ස්වාදී නිර්වචනය මත පදනම් විය.

��1980 දශකයේ ආරම්භයේ දී නලින් කොළඹට සංක්‍රමණය වීමෙන් අනතුරුවත් ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් දේශපාලන විසඳුමක අවශ්‍යතාව වෙනුවෙන් පෙනී සිටියේය. ලංකා සමසමාජ පක්ෂය දෙකඩවී නව සමසමාජ පක්ෂය ආරම්භ කිරීමේ දී එහි සමාරම්භක පුරෝගාමියකු වූ නලින් සිල්වා සිවිල් යුද්ධය උත්සන්නවෙමින් පැවැති වකවානුවේ එම පක්ෂයේ දේශපාලන මතවාදය නියෝජනය කළේය.

��එවකට වෘත්තීය සමිති නායකයකු වූ ගුණසේන මහානාම විසින් ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් සාකච්ඡා කිරීම සඳහා කැඳවන ලද කීපදෙනෙකුගේ හමුවට ඔහු සහභාගී වුනේ මා සමඟය. එදා හමුවට එක්වූ සෙසු පුද්ගලයන් අතර දැනට මගේ මතකයේ රැඳී ඇත්තේ ඉන්දික ගුණවර්ධන සහ ආචාර්ය දයාන් ජයතිලක පමණි.

��නලින්ගේ මතවාදී පිම්මක්
�නලින් එතෙක් වෛද්‍ය ගුණදාස අමරසේකර විසින් ආරම්භ කරනු ලැබ තිබුණ 'ජාතික චින්තනය' නම් මතවාදය සමාජගත කරනු ලැබීමේ ව්‍යායාමය සිය උරහිසට ගත්තේය.
�මාර්ක්ස්වාදී මතයක සිටි තරුණ නලින්ගේ ස්ථාවරයන් වෙනත් අතකට හැරෙන්නට දිගුකලක් අවශ්‍ය නොවුනි. ජාතික ප්‍රශ්නය සඳහා දේශපාලන විසඳුමක් වෙනුවෙන් පෙනීසිටි නලින් 'දෙමළ වීම නිසා ඇති ප්‍රශ්නය කුමක්දැයි’ ප්‍රකාශකරන ලෙස අභියෝග කිරීම‍ට තරම් මතවාදී වෙනසක් කරා තල්ලුවී ගියේය. එලෙස සිදුවූ මතවාදී පරිවර්තනයේ වේගයෙන්ම නලින් එතෙක් වෛද්‍ය ගුණදාස අමරසේකර විසින් ආරම්භ කරනු ලැබ තිබුණ 'ජාතික චින්තනය' නම් මතවාදය සමාජගත කරනු ලැබීමේ ව්‍යායාමය සිය උරහිසට ගත්තේය.

��මහාචාර්ය නලින් ද සිල්වා ආරම්භයේ දී මහාචාර්ය කඹුරුපිටියේ අරියසේන හිමියන් සමඟ මතවාදීමය වශයෙන් ගැටීමට මුල් වූ එක් කරුණක් වුනේ අරියසේන හිමියන් බෞද්ධ ඉගැන්වීම් මාක්ස්වාදයේ ඉගැන්වීම්වලට සමකිරීමට ගත් උත්සාහයට එරෙහිවය. ඔහු එය දුටුවේ එය ආගම රැකගැනීම සඳහා කරනු ලබන කූඨ උපායක් හැටියටය. එහෙත් දෙවනුව ඔහු ආරියසේන හිමියන්ට විරෝධය පළකලේ මාක්ස්වාදය වැනි ලෞකික මතවාදයක් බුදුසමය වැනි ශ්‍රේෂ්ට දර්ශනයකට සමපාත නොකරන ලෙස කියා සිටිමිනි. තරුණ නලින් සහ පසුකාලීන නලින් අතර වූ දර්ශනයේ ප්‍රතිවිරෝධය එවැනි විය.

��එකී වෙනස්කම් සමඟ එම අවධිය වනවිට අප දෙදෙනා අතර පැවැති මතවාදී එකඟතා සියල්ල අවසන් වී තිබුණ අතර, අපි පුවත්පත් ලිපිමගින් වාදවිවාදවල පවා පැටළුනෙමු. එහෙත් එම මතවාදීමය ගැටුම අපේ හිතවත් කමට කිසිදු බාධාවක් නොවූ අතර, එකිනෙකාට ගරුකරනු ලැබීමේ අප අතර වූ චර්යාව නොබිඳී පැවතුණි.

�නලින් ගේ වෙනස සම්බන්ධයෙන් පසුකාලයෙහි අදහස් දැක්වූ මහාචාර්ය ආරියසේන හිමියන් ''කාර්ල්මාක්ස් පවා වෘද්ධවියේදී ආගම ගැන උනන්දු වූ'' බවත්, තමා නලින්ගේ වෙනසත් තේරුම්ගන්නේ එවැනි වෙනසක් හැටියට බවත් සඳහන් කළේ මාක්ස්වාදීන් සමඟ තවත් විවාදයක පැටලෙමිනි. උන්වහන්සේ එම විග්‍රහයට පාදක කරගත් තොරතුරු ඇතුළත් කරමින් 'බුදුසමය සහ මාක්ස්වාදය'' යනුවෙන් පොතක් රචනා කරනු ලැබ ඇත. මාක්ස්වාදය සම්බන්ධයෙන් ආරියසේන හිමියන් විසින් කරනු ලබන එකී විග්‍රහයන් සිය ලිපියක් මගින් අභියෝගයට ලක්කරන මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි එකී විග්‍රහය බැහැර කරන ලද්දේ ''හරකාට හොඬවැලක් සවිකරනු ලැබීමෙන් හරකා අලියකු බවට පත්නොවන'' බව පවසමිනි.

��''ඔබ බෞද්ධයකු කරන ලද්දේ ආරියසේන හිමියන් විසින්'' දුරකථන සංවාදයක දී පසුකලෙක මම මහාචාර්ය නලින් ද සිල්වාට යෝජනා කළෙමි.

��''නැහැ! මම බෞද්ධයකු කළේ උන්වහන්සේ නොවෙයි. මම බෞද්ධයෙක්වයි උපන්නෙ. එකක් පිළිගන්නවා. මට උන්වහන්සේ යම්කිසි දෙයක් පැහැදිළි කළා''

��''මතවාදයන් වෙනස්කරනු ලැබීම මිනිසකු සු අයිතියක්'' ඔහු කියා සිටියේය.

��අප දෙදෙනා එකම වේදිකාවක පෙනීසිටි අවසන් අවස්ථාව රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භකරනු ලැබීමට එරෙහිව වෛද්‍ය ශිෂ්‍යයන් විසින් සංවිධානය කරන ලද රැස්වීම් මාලාවයි. රත්නපුර නගරශාලාවේ පැවති රැස්වීමේ දී ඔහු මගෙන් සමුගත් මොහොත අදත් සිහිපත්වෙයි.

��මෙවැන්නක් ලිවීම සඳහා මා යොමුකරන ලද්දේ නලින්ට අදාළ ඉහත සඳහන් කළ ඉතිහාසය කොතැනක හෝ සටහන්වී තිබීමේ යම්කිසි වැදගත්කමක් පෙනෙන හෙයිනි. (මෙය නලින්ගේ 'ජාතික චින්තනය' සාකච්ඡාවට ගැනීමක් නොවේ.)නලින්ට අදාළ ඉහත සඳහන් කළ ඉතිහාසය කොතැනක හෝ සටහන්වී තිබීමේ යම්කිසි වැදගත්කමක් පෙනෙන හෙයිනි.

මහාචාර්ය නලින් ද සිල්වා ශ්‍රී ලාංකික සමාජයට බිහිවූ දුර්ලභ බුද්ධි මහිමයකින් හෙබි පුරුෂයෙකි. මතවාදී සංවාදයන් පොහොසත්වන්නේ නලින් වැනි මිනිසුන්ගේ සහභාගිත්වයෙනි.


- උපාලි ගජනායක
Share: