නලින් නම්වූ දාර්ශනිකයා සහ දේශපාලනඳයා - නන්දන ගුණතිලක




- නන්දන ගුණතිලක
ඔහුගේ විෂේශත්වය වන්නේ , ඔහු චතුස්කෝටික තර්කනය මගින් මාක්ස්වාදී ද්විඝටනයට වැරෙන් පහරදෙන අතර ම , ඒ මත පදනවූ දේශපාලන ව්‍යාපාරයක්ද නිර්මාණයකර , පසුව ජාතිකවාදී ව සිතන ජන සමූහයක් බිහිවීමේ පොදු දේශපාලනයේ ද පූර්වගාමියා වීමය.
අපද මහාචාර්‍ය නලින්ගෙන් අහුලාගත් දෑ බොහෝය.
පහල ඔහුගේ " Marxisim is a bigger lie than science " යන විවේචනයද එහිම එක් තර්කනයකි.

( එකල සිංහල සාහිත්‍යයට එකතුවූ " බයලයිටිස් " යන වචනයේ නිර්මාපකයා ද ඔහු විය )
පානදුරේ උපන් ඔහු සහ මා කිසිදා පානදුරේදී හමුවී නැත්තෙමු.
1987 ජූනියේ දිනයක අන්තරයේ යම් කටයුත්තක් සාකච්ඡා කිරීමට නිමල් බාලසූරිය සමග මා මහරගම දුම්‍ රිය පටුමගේ එවකට පිහිටි ඔහුගේ නිවසට ගියෙමු. ඔහු කිසිදු දාර්ශනික උද්දච්චකමක් රහිතව සද්භාවයෙන් අපට යම් කරුණු කිහිපයක් පිළිබඳව ඔහුගේ අදහස පැහැදිලි කල හැටි කිසිවිටෙක අමතක නොවන මතකයකි.

ඔහේ ඉපදී , ඔහේ ජීවත්වී ඔහේ මියයන ජනගහනයේ සාතිශය බහුතරයට සාපේක්ෂව , ඔහු ලාංකීය සමාජයට විශාල දාර්ශනික බලපෑමක් කල වියතෙකි , දේශපාලනඥයෙකි.

ඒ දාර්ශනික ප්‍රභේදය තුල ඒ වටිනාකම අභ්බැවිය හැක්කෙක් තවමත් මා දැක නැත.
ඔහු පැතූ අරමුණු ඉටු වේවා!!!
Share: