ශෝක ප්‍රකාශය - ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ



ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ බිහි වූ අග්‍රගණ්‍ය බුද්ධිමතෙකු වූ මා මිත්‍ර මහාචාර්ය නලින් ද සිල්වා මහතාගේ අභාවය අසා මම බලවත් සංවේගයට පත් වීමි. මෙරට ජනතාව තුළ ජාතිකත්වය ඉස්මතු කරලීම උදෙසා එතුමා දැරූ වෙහෙස අප්‍රමාණය.

සිය පොත් සහ ලිපි හරහා මෙන්ම හරබර සංවාද මගින් ද එතුමා මෙරට සිංහල බෞද්ධ සංස්කෘතික උරුමය වෙනුවෙන් නොබියව පෙනී සිටියේ ය. දීර්ඝ කාලයක් තිස්සේ මා ඇසුරු කළ ඒ මහතාගේ උපදෙස් සහ අනුශාසනා අපගේ දේශපාලන ගමන් මගට මහත් රුකුලක් විය. මාගේ ජනාධිපති ධුර කාලය තුළ මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එතුමා පත් කරන ලදී. මහාචාර්ය නලින් ද සිල්වා මහතාගේ අභාවය මෙරට ජාතික චින්තනයේ ප්‍රගමනයට අස්වැසිය නොහැකි පාඩුවක් බව මගේ හැඟීමයි. 
මහාචාර්ය නලින් ද සිල්වා මහතාට නිවන් සුව ලැබේවා යැයි පතමි. 

ගෝඨාභය රාජපක්ෂ 
2024 මැයි 3
Share: