බොහොම පිං - ජානක වංශපුර


බොහොම පිං

.ආචාර්ය නලින් ද සිල්වා මහතා තමාට හිතවත් අය හැඳින්වූයේ ඔහුගේ මිතුරන් ලෙසයි. මටද පෙරලා ඔහු මිතුරෙකු වුණා නමුත් වෙන අරුතකින්.

බුදුන් දෙසූ දහම මා මුලින්ම හඳුනාගත්තේ එතුමාගේ ලිපි ඇසුරින්. මගේ ලෝකයේ සිට මෑතකදී කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ බෞද්ධ සංගමය මඟින් සංවිධානය කල නිවන පිළිබඳ දේශණය දක්වා ආචාර්ය නලින් ද සිල්වා මහතා බුදු දහම පිළිබඳව තමා විසින් නිරවුල්ව අවබෝධ කරගත් දැනුම අන් අය සමඟ බෙදා ගත්තා. බුදු දහම කෙරෙහි මා තුලවූ සද්ධාව වර්ධනය කෙරෙන්න එතුමා විසින් එලෙස බෙදා ගත් දැනුම හේතුවුණා. ඒනිසා මට මෙන්ම තවත් බොහෝ දෙනෙකුටත් ඔහු කළණ මිතුරෙක්. ඒ මිතුරුකමට එතුමාට බොහොම පිං.

විටෙක ඔහුගේ ජීවන වෘත්තිය ඔහුට අහිමි කිරීමෙනුත් තවත් වරෙක ජීවිතයට තර්ජනය කිරීමෙනුත්, නිතර නින්දා පරිභව කරමිනුත් අප සමාජයේ සුලු කොටසක් ඔහුට කෲරව සැලකූ බව නොරහසක්. ඔහු පමණක් නොවේ ඔහුගේ බිරිඳත් දරුවනුත් ඒ දුක් අත්විඳින්න ඇති. නමුත් නිහඬව ඒ දුක් කම්කොටොළු සියල්ල ඉවසා ගනිමින් උපේක්‍ෂාවෙන් අප වෙනුවෙන් එතුමාව සෙනෙහසින් රැක ගත්තාට එතුමිය ඇතූලු දරු පිරිසට බොහොම පිං.

එතුමාගේ සසර ගමන කෙටි වේවා!

- ජානක වංශපු
Share: