ශෝක ප්‍රකාශය - ජනාධිපති මහින්ද රාජපක්ෂ


මෑත යුගයේ මෙරට බිහි වූ විශිෂ්ටතම බුද්ධිමතෙකු මෙන්ම චින්තකයෙකු වන ආචාර්ය නලින් ද සිල්වා මැතිතුමාගේ අභාවය පිළිබඳ අසා මම බලවත් කනගාටුවට පත්වුණෙමි.


එතුමා අපේ දේශපාලන කඳවුරට සහයෝගය සහ උපදෙස් ලබා දෙමින් ඉතා ම සමීපව කටයුතු කළ බව කෘතවේදීව සිහිපත් කරමි. එසේ ම අපගේ මාතෘභූමිය බැට කෑ බෙදුම්වාදී ත්‍රස්වාදයට එරෙහි වෙමින් ද එය යුදමය වශයෙන් පරාජය කළ හැකි බව දීර්ඝ කාලයක් තිස්සේ ජනගත කරමින් ද එතුමා ඉටුකළ කාර්යභාරය, ත්‍රස්තවාදයෙන් රට මුදා ගැනීමට අයෝමය ශක්තියක් වූ බව ගෞරවයෙන් සිහිපත් කරමි.

එපමණක් නොව අපගේ සංස්කෘතිය සභ්‍යත්වය මත පදනම් වූ අපේම දැනුම් පද්ධතියක් නිර්මාණය කර ගැනීම උදෙසා එතුමා සුවිශාල කාර්යභාරයක් ඉටු කළේය.
ආචාර්ය නලින් ද සිල්වා මැතිතුමාට උතුම් නිවන් සුව පතමි.
Share: