ජාතික චින්තනයක් මතු කළ දකුණු ආසියානු චින්තකයා - සඳගෝමි කෝපරහේවා


මහාචාර්ය නලින් ද සිල්වා සූරීන් අපට මුලින් ම මුණ ගැසුණේ 1992 වසරේ අප කොළඹ විශ්වවිද්‍යාලයට පිවිසි සමයේ දී ය. එකල නව කලාගාරයේ දී ශාස්ත්‍ර පීඨ විද්‍යාර්ථීන් වෙනුවෙන් පැවැත්වුණු මූලික ගණිතය පාඨමාලාව ඉගැන්වීම සඳහා එතුමා පැමිණියේය. මම එම විෂය හැදෑරීම නොකළෙමි. එහෙත් නලින් සර්ගේ දෙසුම් ඇසීමට එහි ගියෙමි. එකල ඔහු 'මගේ ලෝකය' නමින් පොතක් ද පළ කර තිබුණි. ජාතික චින්තනය වෙනුවෙන් එතුමාගේ මතවාදය වඩාත් ප්‍රකට වන්නට වූයේ එම අවදියේ දී ය. එහි ඇතැම් අදහස් සමඟ මා එකඟ නොවූ නමුදු මේ රටින් දකුණු ආසියානු චින්තනයක් බිහි කිරීමට නලින් ද සිල්වා සූරීන් දැරූ ප්‍රයත්නය නිරීක්ෂණය කළෙමි. කෙසේ වුවත් දකුණු ආසියානු චින්තකයකු ලෙස එතුමාට ලැබිය යුතු තැන හිමි නොවුණි.

නලින් සර්ගේ අභාවය වෙනුවෙන් බලවත් සොව පළ කරමි.
 
සඳගෝමි කෝපරහේවා
2024 /05/03
Share: