-ප්‍රදීප් ඉන්දික කාරියවසම්
එතුමා දැන් අප අතර නැත.
නමුත් මා ඇතුලු සුළු පිරිසක් ඔහු වීසින් නිර්මාණය කරන ලද දැනුමේ අභාෂය ලැබ අවදිවූ සිහි ඇති මනසින් ලෝකය දකිමින් සිටිමු.
ඒ වනාහි "මගේ ලෝකයයි"
එතුමා ගැන මෙතෙක් නොදන්නා අයට එතුමා ගැන විවිධ මාධ්‍ය හරහා තොරතුරු සොයා ගත හැක. නමුත් ඔහු විසින් නිර්මාණය කල දැනුම වටහා ගැනීමට බොහෝ අයට නොහැකි වීම ජාතියේ අවාසනාවකි.
සමහර අය නලීන් ද සිල්වා ඇදුරුතුමා කියවා ගත්තේ ඔහු නිමැයූ දැනුම් පද්ධතිය ඔස්සේ නොවේ. ඒ දැනුම භාවිතයෙන් ඔහු විසින් තනි සිවිල් පුද්ගලයෙකු ලෙස මෙරට සංස්කෘතියට සහ දේශපාලනයට කළ අසමසම බලපෑම ඔස්සේය. එතුමාගේ මෙම භූමිකාව නිසා ඔහු ගැන වැරදි තොරතුරු සහ වටහා ගැනීම් ද සමාජ ගත වීමද නොඅඩුව සිදුවිණි.
කෙසේ නමුත් සතුරන් සහ විවේචකයන් තුට්ටුවකට මායිම් නොකළ එතුමා අපෙන් සමුගත්තේ අපමණ බාධක මධ්‍යයේ තමන්ගේ මතය හුදු හිතළුවක් නොව මහපොළොවේ සැබෑ යථාර්තයක් කර පෙන්වා දීමෙන් පසුවය.
මා එතුමාව මුණ ගැසී ඇත්තේ ජිවිතයේ එක් වරක් පමණි. නමුත් එතුමාගේ ප්‍රකාශන ඇසුරු කිරීමට පටන් ගත්තේ මට වයස අවුරුදු 16 පමණ අවධියේ සිටයි. එවකට ආචාර්‍ය ඒබ්‍රහම් ටී කොවූර්ගේ හේතුවාදී සංකල්පයේ රසිකයෙකු වී සිටි මට හේතුවාදයට විරෝධී අදහස් දැක්වීම් අතරින් හරවත් තර්ක සහ කරුණු ගෙනහැර පෑ පුද්ගලයා ලෙස නලීන් ද සිල්වා මහතා කැපී පෙනුණි. ඒ තර්කන ඔස්සේ එතුමාගේ අනෙකුත් මතවාද සහ දැනුම් ගැන සොයා බැලීමටත් නිතැතින්ම මා පෙළඹුණි. එවකට විදුසර සහ දිවයින පුවත්පත් ඒ සඳහා සන්නිවේදන මාධ්‍ය විය. එතැනින් ඇරඹුණු එතුමා දැනුම් උකහා ගැනීම් මගේ ආධ්‍යාත්මය පෝෂණය කිරීමට අද දක්වාම ඉමහත් රුකුලක් විය.
තවත් ලෙසකට කිව හොත් මාගේ දැනුම ගවේෂණයට, තර්කනයට, වාග් කෝෂයට, දේශපාලනයට, ජාතිකත්වයට, ජීවන ශෛලයට... හෝ සරලවම මට ලෝකය දැකීමට අවශ්‍ය දැනුම් පදනම සකසා ගැනීමට වැඩිම බලපෑමක් වී/කර ඇත්තේ එතුමාගෙ දැනුම ඇසුරු කිරීම විසිනි. එමෙන්ම අප මත බලහත්කාරයෙන් පටවා ඇති මේ සිස්ටම් එක ඇතුළේ සිටිමින්ම සිස්ටම් එකේ වහලෙක් නොවී අවදියෙන් සිටීමට අවශ්‍ය ප්‍රතිරෝධී විභව ශක්තියක් ගොඩ නගා ගැනීම මා හට ඒ දැනුම පිටුවහලක් විය.
අද අප ජිවත් වන විෂම සමාජයේ/සමාජ ජලාවල සබුද්ධිකව සිටින නොඑසේ නම් කළින් කලට එන රැලි සමඟ ගසා නොයන, මර නින්දේ හීන ලෝක වල අතරමං වූවන් අතර අවදියෙන් ලෝකය තෝරා බේරා ගන්නා ඉතා සුළු පිරිස අතරින් බහුතරයක් එතුමාගේ ආභාෂය ලද අය බව මා දැන ගත්තේ එතුමාගේ අභාවයත් සමඟ ඔවුන් විසින් එක් කළ ශෝක පණිවිඩ කියවීමෙණි.
බොහෝ අය එතුමා සම්බන්දව විවිධ අදහස් දක්වා ඇති මොහොතක නලීන් ද සිල්වා ඇදුරුතුමා ගැන, දැනුම හරහා එතුමා විසින් සමාජයට කළ බලපෑම සහ මා උකහා ගත් දෑ මගේ මතකයට ආ අයුරින් ඉතා සැකවින් මෙසේ දක්වමි.

























සිවිල් බලයද අහිමි කුඩා තනි මිනිසෙකු ලෙස අනේක විද කම්කටොලු මධ්‍යයේ ඉතා දීර්ඝ කාලයක් තිස්සේ මුළු මහත් ජාතියම විවිධ විෂය පථයන් ඔස්සෙ දැනුමෙන් සන්නද්ධ කර අවදි කළ පින් මහිමයෙන් එතුමන් ප්‍රාර්ථනා කළ බෝධියකින් අමා මහ නිවනට පත් වේවායි පතන අතර එතුමන් විසින් ගොඩනගන ලද දැනුම චිරාත් කාලයක් මිනිසුන්ගේ ආධ්‍යාත්මික ජීවිත පෝෂණය කරමින් වැජඹේවා යයි ඉත සිතින් පතමි.