ඔබ නොමැති ව - වසන්ත දේවසිරි


ගුගුරුවා අහස් ගැබ පතිත හෙණයක් ලෙසින
දෙදරවා මගේ ලෝකය නොසිතු නොපැතු ලෙස
නිවී ගිය කළ පහන නිබඳ හද එකලු කළ
කඳුලු සඟවං ලියමි නිති රිදුම් දෙන හදින

මුණ ගැසී දොඩා නැති මුත් දෙදිනකට වැඩිය
වියෝගය දවයි හද නිබඳ බිය සැක ගෙනෙත
නැති වුනේ මට නෙවෙයි, රටට ඒ නැණ පහන
පත් නොපත් හැම විපත් දුටුව තුන්කල් නුවණ

රට දැයට බැඳි පෙමින් මගේ ලෝකය හැදුවෙ
‘මගේ ලෝකය’ මතයි එය බිඳිය නොහැක මට
ඔබ නැතිව ඔබගෙ මඟ යා යුතු ය දනිමි මම
මං මුලා නොවෙද මා නිවුනු කල පහන සොඳ?

ඔබට සම නැණවතෙක් පැණවතෙක් මෙ බිම මත
ඉපදෙන්න සරන්නට තව කොතෙක් කල් යා ද?
පතන බව දනිමි ඔබ යළි මෙ බිම ඉපදෙන්න
නිවන් දකිනා තුරුම ඉටු වේවි ඒ පැතුම

-වසන්ත දේවසිරි
24.05.02
Share: