නලින් සර් මතක - සරත් අනුර


-සරත් අනුර
මට නලින් ද සිල්වා මහතා කිසිදා මුණගැසී නැත. එහෙත් බොහෝ වර සම්මුඛ වී ඇත. ඒ අදහස් වලිනි.

ඇත්තටම එය බොරුවක් බව මට මේ දැන් මතක්වුනි. මා කොලඹ විශ්වවිද්‍යාලයේ පස්චාත් පාඨමාලාවක් හදාරන සමයේ එක දහවල් විවේක වේලාවක ඔහුගේ දේශණයක් පැවත්වූ ශලාවකට එම පාඨමාලාව හැදෑරූ මිතුරන් දෙදෙනෙකුත් ඇදගෙන අතරමගදී ඇතුල්වූයෙමු. මා එදින ඔහු, දේශනාගාරයක පසුපස පේළිය පමණ දුරුන් දුටුවෙමි. ඒ ඔහු එකල පැවත්වූ චින්තන පරෂදයේ දේශනයක් විය යුතුය. ඔහු විසින් ඊට පෙර පලකෙරූ අඹ පැනය පිළිබඳ ලිපිය කියවූ දා සිට ඔහු ලියනා දෑ සොය සොයා කියවන පුරුද්දක් මට ඇතිවී තිබේ. මා ඔවුන් ඇදගෙන ශාලාව වෙත ඇතුල්වීමට පෙළඹවූයේ මට ඇතිවූ ඒ පුරුද්දයි. දැන් ඒ පුරුද්ධට තිත තැබීමට සිදුවී ඇතිබව දැනුනු විට අහෝ මහත් සාංකාවක් හිතට දැනේ. එදා මා සමඟ සිටී යහළුවන් දෙදෙනා එකල ඔහු ගැන එතරම් අවධානයක් කොට තිබූවෝ නොවෙති. ඒ එක් මිතුරෙකු විශ්ව විද්‍යාල සමයේ ජවිපේ පූර්ණකාලීන දේශපාලනයට මදක් අඩුවෙන් කොට කැලණිය විශ්වවිද්‍යාලයේ නිලවරණයට සමාජවාදී ශිෂ්‍ය සංගමයෙන් තරඟකර ශිෂ්‍යය සංගම් සභාපතිදූරයද දැරූවෙකි. ඔහු කතා කිරීමේදී ඉතා සුළු වශයෙන් ගොතගසයි. දේශකයාගේ දේශනයට බාදාකොට මා මිත්‍රයා මදක් ගොතගසමින් පැනයක් ඇසීය. ගිණි කන්ද හදිස්සියේම පුපුරා ගියේය. මම ඔහුගේ අතින් ඇදගෙන ශාලාවෙන් පිටාවී ගියා සාලාව පුරා පැතිරුණු සමච්චල් හිනාහඬ මධ්‍යයේය.

මා ඕස්ට්‍රේලියාවට පැමිණි පසු නලින් ද සිල්වාගේ මහතාගේ ලිපි කියවීමට මඳ විරාමයක් උදාවිය. පසුව, දිවයින පුවත්පත අන්තර්ජාලයෙන් කියවන්නට ලැබුනු විට නැවතත් ඔහුගේ ලිපි කියවීමේ අවස්ථාව උදාවීය. (එකල දිවයින අන්තර්ජාලයෙන් කියවීමට මුදල් ගෙවිය යුතුය.) බොහෝවිට ඉරිදා දිවයින කලින් බදදා රෑ දොලහට පමණ කියවීමට ලැබේ. මා බදාදා රෑ දොලහ පමණ වනතෙක් සිට ඉරිදා දිවයින කලින්ම කියවා නින්දට යෑමට පුරුදු විය. ඒ කියවන ලිපි අතර විශේෂම ලිපිය වූයේ ඔහු විසින් ලියන ලද ලිපියයි. දිවයිනට අමතරව විදුසරද කියවිය හැකිමුත් මගේ අවදානය එයට යොමු නොවීය.

විදෙශ්වල ජීවත්වන අප ලංකාවට ගියවිට රැඟෙන එන භාණ්ඩ අතර අළුත් පොත් පත්ද රැඟෙන එන පුරුද්දක් ඇත. එකවරක් ලංකාවට ගිය අවස්ථාවක "අපේ ප්‍රවාද" පලමු පොත ගෙන ආවෙමි. එය එක හුස්මට කියවා නිමකල මා, ඒ පොත හා සම්බන්ධව සාකච්ඡාකලේ මා මිත්‍ර Ashoka Handagama සමඟය. ඔහු අපූරු කතාවක් මා සමඟ කීවේය. ඒ පෙරටුගාමී පක්ෂයේ පුබුදු ජාගොඩ විසින් ඒ කාලයේ නලින් ද සිල්වාට උත්තර දීමට ලියූ ක්වොන්ටම් භෞතිකය පොත ගැනයි. එය උපහාසත්මකය. ඔහු එසේ කියා සිනාසී පැවසූයේ නලීන් ද සිල්වා සමඟ මුං හැප්පිලා හත්පොලේ ගාගෙන ගොං පාට් දැම්මට අදාල විශය ගැන ඔහු හා කතාකරන්නවත් සමතෙක් ලංකාවේ මෙතෙක් බිහිව නැති බවයි. තවද හඳගම මට කීවේ පුළුවන් නම් ලඟදී එලි දැක්වූ "විද්‍යා කතන්දර" කියවන ලෙසයි. මම එම පොතද ලබාගෙන කියවූයෙමි. "අපේ ප්‍රවාද" පොත් කීපයේ ඇත්තේ විදුසරේ නලින් ද සිල්වා විසින් පලකල ලිපිමැයි. අපේ ප්‍රවාද 1, 2, 3 කියවීමෙන් හා විදුසර පුවත්පතේ පෙර කලාප අන්තර්ජාලයෙන් කියවා නලින් ද සිල්වාගේ ඉගැන්වීම ගැන නැවතත් යාවත්කාලීන ඌවෙමි. ලංකාවේ විශ්ව විද්‍යාලයක විද්‍යා උපාධියක් ලබා ඇතිමුත් ඉන් මා ලැබූ කිසිම දැනීමක් නැත. ඒ නිසාම මගේ තෘතීය අධ්‍යාපනයේදී මට ගුරුවරයෙක් නැත. මා ගණිතය හා භෞතික විද්‍යාව ගැන උසස් පෙළින් ඉහලට යමක් ඉගෙන ගත්තානම් ඒ නලීන් ද සිල්වා ගෙනි. ඔහුගේ ලිපි කියවා ඒ ඔස්සේ තව තව හැදෑරීමෙනි. ඒ නිසා මම ඔහු ගුරුකොට සලකමි. ඔහු ලියූ දෑ කියවූ පසු අදාල අනෙක් තොරතුරු ඔහු පෙන්වන මඟ ඔස්සේ ගොස් අන්තර්ජාලයෙන් ලබාගෙන මගේ තරමට මම ඒ විශයන් ගැන පෝෂණය වූයෙමි.

ඔය අතරේ නලීන් ද සිල්වා හා මහාචාර්‍යය අමරතුංග අතර විවාදයක් විදුසර පත්තරය හරහා ආරම්භ වීය. එම විවාදයේ අමරතුංග ලිපිද නලීන් ද සිල්වා ලිපිද නොකඩවා කියවූ නමුත්, අමරතුංග ලිපි ආයාසයෙන් කියවිය යුතු අතාර්කික බහුබූතවූ වූ බැවින් ඒවා කියවූයේ විවාදය සක්‍රියව ග්‍රහණය කිරීමට දෙපක්ෂයේම අදහස් දැනගත යුතු නිසාම පමණකි. මෙම විවාදයට කැනඩාවේ බෝධි ධනපාල නම් තැනැත්තෙකු මැදින් පැන, අපොස උසස් පෙළ භෞතික විද්‍යාවවත් හරිහැටී නෝතේරුනු භෞතික විද්‍යාඤයින් අපරටේ පහළව ඇතිබව සනාථ කලේය. හදිසිසියේම විදුසර පුවත්පත් ඉතා ද්‍රොහී අයුරුන් නලීන් ද සිල්වාට අසධාරණයක් කල බැවින් නැවතත් ගිණිකන්ද පුපුරා ගොස් සදහටම විදුසර පුවත් පතතුල ගොළු වීය. ඉන් පසු විදුසර අප වැන්නන්ට ගතයුත්තක් නැති විභාග ඉලක්ක කරගත් පුවත්පතක් පමණක් වූ බැවින් කියවා දැමීම නතර කලෙමි.

මුහුණුපොත කරලියට ආවේ ඉන් පසුවය. මුහුණුපොතේදීද එයටම ඇමිනී ඇති මැසෙන්ජර් හරහාද අපි එකිනෙකට සම්මුඛ වීමු. ඒ, මා ඉඳහිට අසනා දෙයකට ඔහු නොවලහා පිළිතුරු දීමෙනි. පරක්කු වුනොත් ඒ දවසක් හෝ දෙකක් පමණි. බොහෝ විට නිදොස් කිරීම්‍ ය. ගුරුහරුකම් ය. ආකෝෂ පරිභවය. එකඟ වීමය. ඔය අතරේ හදිස්සියේ රෑක ඔහු මට මැසෙන්ජර් හරහා කතාකලෙමි. ඒ Nirmal Dewasiri ගේ එක් ලිපියකට මා දැමූ "උරාගේ මාළු උරාගේ ඇඟේම තියා කපන්නට ගොස් අතකපා ගත් නිර්මාල් දේසසිරී මහාචාර්‍යවරයා" නම් කොමෙන්ටුවටය. නලීන් ද සිල්වා පැවසුවේ හරියටම සිදුව ඇත්තේ ඒ බවයි. ඔහු මාගේ කොමෙන්ට් එක ගැන ප්‍රසාධයෙන් කතාකලේය. නමුත් පසු කලෙක, නිර්මාල් දේවසිරී සහ වංගීස වැන්නන් සමඟ අනවශ්‍ය කොකු පටලවා ගෙන කාලය නාස්ති නොකරන ලෙස අවවාද කලේය.

තවත් එක දවසක මැසෙන්ජර් හරහා මම ඔහුගෙන් හොඳටම බැනුම් ඇසුවෙමු. පසුව මදක් හැරී බැලූ පසු, එසේ මා බැනුම් ඇසූවේ මගේ යම් අසංඝත පණ්ඩිත කමකට බව මටම වැටහී මහත් ලැජ්ජාවකට මා පත්වූයෙමු. එදින මාගේ පණ්ඩිත කමට ඔහුගෙන් බැනුම් ඇසූවත් ඔහු නිතර පවසන "පඬියන්" හා "පඬි නැට්ටන්" ඝණයට මා නොවැටෙන්නට ඇතැයි සිතමි. ඔහු මට බැන්නේ "ඔබ" යයි ගෞරවාන්විත වදනින් මා අමතමින්මැය. අනෙක් මැසෙන්ජර් හරහා ඉතා පෞදගලිකවය.
මෙලස ගිනි කන්ද පුපුරා හැළූ වාර අනන්තය.

ගිණි කන්දක් පුපුරා යෑමත් සමඟම සෞභාග්‍යයක්ද උදාවන බව දන්නා ගිණි කඳු දැරූ රටවල දනෝ ගිණිකඳු සලකන්නේ මාහරඝ වස්තූන් ලෙසය. ගිණි කඳු නැති අපරට ජනයා ඊට වඩා බොහෝ සේ වෙනස් වෙති. ඔවුන් ගිනිකඳු වලට වෛර කරති.
ගිණි කන්දක් පුපුරා හැළුනු තවත් එක් ඇවස්ථවක් ගැන මට අද උදයේ Anuja Manchanayake විසින් පවසන ලදී. හැබැයි ඒ ප්‍රථිලෝම පුපුරා යෑමකි. හැත්තෑ හතේ ජේආර් යූඇන්පී පාලනයෙන්ද පසුව ප්‍රේමදාස යුගයෙන්ද හෙම්බත්ව සිටී යුගයේ ආචාර්ය ස්ටැන්ල් තම්බයියාගේ Buddhism Betrayed පොත ගැන සාකච්ඡාවක් සඳහා පැවති රැසවීමකදී නලීන් ද සිල්වා පවසා ඇත්තේ, අපට බණ්ඩාරනායකගේ දුව බව පෙන්වමින් විජය කුමාරතුංගගේ ගෑණි කරලියට ගන්නට යන බවයි. මේ ඇසූ එතැන සිටී උගත් බුද්දිමත් ජනයා කුපිතව නලින් ද සිල්වා මහතාට පරිභවකොට තඩිබාන්නටද වේදිකාව්ව්ට ගොඩව ඇත. පුපුරා යෑම ප්‍රථිලෝම වූයේ පුපුරා ගියේ නලීන් ද සිල්වාට වඩා අන් අයවූ නිසාවෙනි. ඔවුන් නලීන් ද සිල්වා යූඇන්පී අතකොළුවක් යැයි එදා චෝදනා කොට ඇත. කොතරම් බුද්ධිමතුන් එම සභාවේ සිටයත් නලින් ද සිල්වාට තිබූ දුර දක්නා ඤානය කොපමණදැයි චන්දිකාගේ පසුකාලීන කල්කිරියාවෙන් අපට අවබෝධ වෙ. අර කී අතකොළුව කෙසේ වෙතත් එවකටත් ඝාතනය වී සිටී ප්‍රේමදාස ජනාධිපතිවරයා නම් නලින් ද සිල්වාගෙන් අවස්ථා දෙකකදී නිසි උපදෙස් ලබා පලදැරූහ. එකක් ප්‍රේමදාසගේ ඔඩොක්කුවට පාත්වූ රාගම පෞදගලික විශ්වවිද්‍යාල අර්බුදයයි, අනෙක ඛෙත්තාඅරම ක්‍රීඩාංගණයේ ප්‍රදීපස්ථම්බ පිහිටුවීමයි. හැබැයි ඉතින් මේ වැඩ දෙකම නලීන් ද සිල්වාගේ ධාරිතාවයේ හැටියට බොහොම සිල්ලර වැඩ දෙකකි.

මට ඔහු මුණ ගැසීමට මහත් ඕනෑකමක් ආශාවක් තිබුනත් එය කිසිදා සඵල කරගැනීමට අවස්ථාවක් නොලදිමි. එසේ හමුවූවා නම් මම ඔහුගේ ජීවමාන පිංතූරයක් හිටුවනම සිතුවමට නැගීමට සිතා සිටියෙමි. මා ඒ අතින් අභාග්‍යවන්තයකි. ඔහුගේ ගණිත පාඩමකට හෝ භෞතික විද්‍යාව පාඩමකට මට සහභාගීවන්නට නොලැබීම මා ලැබූ අනෙක් අභාග්‍යයයි. ඒ ඔහු එහිදී කිසිවක් උගන්වන්නේ නැති නිසාත්, එවැනි අවස්තාවල මා බොහෝ දේ ඉගෙනගන්නා නිසාත්‍ ය.

තවත් එක් දිනක ඔහු මා මැසෙන්ජර් ඔස්සේ අමතා, දන්නා හඳුනන අසරණවූ කාන්තාවකට රෝදපුටුවක් ගැනීමට උපාකාරයක් කරනා මෙන් ඉල්ලා සිටියේය. ඒ සඳහා ඔහු යම් කිසි මුදලක් ඔහුගේ විශ්‍රාම වැටුපෙන් දැනටමත් ලබාදී ඉතිරි අඩ පුරවන මෙන්ය මගෙන් ඉල්ලා සිටියේ. මම වහාම එම මුදල ලබා දුන්නේ එම මාසයේ මට කලයුතුව තිබූ වෙනත් කටයුත්තක් මදකට කල්දමාය. එම මුදල ඔවුන්ට ලැබුන බවත් ඔවුන් ඉතාමත් සන්තෝෂ වී මට පිංදුන් බවත් දන්වා ඔහුද මට පිං දුන්නේය. මට ඔහු හා එක්ව පිනක් දහමක් කිරීමට වරම් ලැබීම මා ලද මහත් භාග්‍යයක් බව මම සිතමි. ඔහු නිතර පවසන රජරට වකුගඩු රෝගයෙන් තවමත් පීඩා විඳින විලච්චියේ දුෂ්කර ගම්මානයක නිවාඩුවක් ගත කිරීමට මට මහත් ආශාවක් ඇත.

දයාබර ප්‍රාක්ඤයානෙනි, අපි එක්ව පිං කොට ඇත. අසරණයන්ට සරන වී ඇත. 
සසර අවසන නිවන් දකින්නට කලින් අපි තව එක් වතාවක් වත් නැවත හමුවෙමු.
Share: