දැනුම බෙදූ ප්‍රාඥයෙකුගේ පොත්



මගේ ලෝකය :

ප්‍රකාශනයට පත් කළ වර්ෂය : 1986 මෙම කෘතිය මඟින් නලින් ද සිල්වා මහතා බටහිර ග්‍රීක යුදෙව් ක්‍රීස්තියානි යටත්විජිතවාදයෙන් නිදහස් වීම සඳහා අපගේ චින්තනය මත පදනම් වී දැනුම නිර්මාණය කළ යුතු බවත්, අපගේ දෘෂ්ටි කෝණයකින් ලෝකය දෙස බැලිය යුතු බවත් ප්‍රකාශ කර ඇත. එහිදී බුදුන් වහන්සේ වදාළ “බඹයක් පමණ වූ ශරීරය තුළ ලෝකය පිහිටා ඇත” යන ප්‍රකාශය ගුරු කොට ගෙන ඇත.

ජාතිය සංස්කෘතිය සහ චින්තනය

ප්‍රකාශයට පත් කළ වසර : 1991

නලින් ද සිල්වා මහතා අසූව දශකය තුළදී විවිධ පුවත්පත්වලට සහ සඟරාවලට ලැපැයූ ලිපි කිහිපයක් මෙම කෘතියට අන්තර්ගත කර ඇත.

පොදු සංස්කෘතියක් සහ පොදු චින්තනයත් වැනි බටහිර සංකල්ප මෙන්ම මාක්ස්වාදය, චූල සම්ප්‍රදාය, මහා සම්ප්‍රදාය වැනි බටහිර සමාජ විද්‍යා ප්‍රවාදයන් යොදා ගනිමින් මෙරට සමාජය විග්‍රහ කිරීමද මෙම කෘතිය මඟින් විවේචනයට ලක් කර ඇත. එමෙන්ම මුනිදාස කුමාරතුංග සහ ගුණදාස අමරසේකර වැනි වියතුන්ගේ සේවය අගය කිරීමක්ද එම කෘතියේ අන්තර්ගත වේ.


මාර්ටින් වික්‍රමසිංහ සහ ජාතික චින්තනය :

ප්‍රකාශයට පත් කළ වර්ෂය : 1992

මොරටුව විශ්වවිද්‍යාලයේ ‘සිංහල සාහිත්‍ය සංගමයේ ආරාධනයකට අනුව 1992 මැයි 29 වන දින මොරටුව විශ්වවිද්‍යාලයේ දී මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ 102 වන ශත සංවත්සරය වෙනුවෙන් පැවැත්වූ දේශනයක් පදනම් කරගෙන මෙම කෘතිය සම්පාදනය කර ඇත.

එම කෘතිය මඟින් මාර්ටින් වික්‍රමසිංහ මහතා සිංහල සාහිත්‍ය සම්බන්ධයෙන් දක්වා ඇති අදහස් හරවත් නිර්මාණශීලී අදහස් ලෙසත් දේශපාලන හා සංස්කෘතිය පිළිබඳව වික්‍රමසිංහ මහතාගේ අදහස් නිර්මාණශීලී ඒවා නොවන බවත් පෙන්වා දී ඇත.
මාක්ස්වාදයේ දරිද්‍රතාවය ප්‍රකාශයට පත් කළ වර්ෂය 1993 : දෙසැම්බර්

මෙම කෘතිය මඟින් මාක්ස්වාදයේ මූලික ඉගැන්වීම් කිහිපයක් වන පංති ගැටුම (අරගලය), පංති විඥානය, සමාජ විකාශනය, විප්ලවය ආදියෙහි වූ විසංවාදයත් පෙන්වා දීමට මෙන්ම එම ඉගැන්වීම් ඇසුරු කරගත් මූලික ප්‍රවාදය අසංගන බවත් පෙන්වා දීමට කටයුතු කර ඇත.

අපෝහකයේ රූපිකය



ප්‍රකාශයට පත් කළ වර්ෂය : 1994 අප්‍රේල්

මෙම කෘතිය මඟින් මාක්ස්වාදී අපෙරහකයේ ඇති රූපිකය පෙන්වාදීමට කටයුතු කර ඇත.


බුදුදහම පාවාදීම
ප්‍රකාශයට පත් කළ වර්ෂය : 1993 දෙසැම්බර්

නලින් ද සිල්වා මහතා විසින් මෙම කුඩා කෘතිය රචනා කර ඇත්තේ 1992 දී මහාචාර්ය ස්ටැන්ලි ජෙයරාජ් තම්බයියා මහතා විසින් පළ කරන ලද Buddhism Betrayed (බුදුදහම පාවාදීම) නම් කෘතියට පිළිබඳව පිළිතුරු සපයමිනි. මහාචාර්ය තම්බයියා විසින් සිය කෘතිය මඟින් උත්සාහ කර ඇත්තේ 9 හා 20 වැනි සියවස්වලදී මෙරට තුළ ඇතිවූ සිංහල බෞද්ධ පුනරුදය, උතුරු සහ නැඟෙනහිර ප්‍රශ්නයට මුල්වී ඇති බවයි. එම ග්‍රන්ථය මඟින් ඒ මහා මහාචාර්ය තම්බයියාගේ කෘතියට පිළිතුරු දීමට සීමා නොවී, එම පොත ප්‍රකාශයට පත් කළ වයිඩර් ආයතනයේ පක්‍ෂග්‍රාහී පසුබිම පෙන්වාදීමටද කටයුතු කර ඇත.

ප්‍රභාකරන් ඔහුගේ සීයලා, බාප්පලා සහ මස්සිනාලා



ප්‍රකාශයට පත් කළ වර්ෂය : 1995 දෙසැම්බර්

මෙම කෘතිය මඟින් ඔහු මෙරට උතුරු සහ නැඟෙනහිර අර්බුදයේ අත්මුල් හෙළි කර ඇත. එම ගැටළුව බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි යටත්විජිතවාදීන් විසින් නිර්මාණය කරන ලද බව ඒ මහතා මෙම කෘතිය මඟින් පෙන්වා දී ඇත. ශ්‍රී ලංකාවේ සිංහලත්වය, එනම් සිංහල ජාතියට, සිංහල භාෂාවට, සිංහල සංස්කෘතියට හා සිංහල ඉතිහාසයට හිමි තැන අහිමි කිරීම සඳහා බටහිර අධිරාජ්‍යවාදීන් විසින් දෙමළ ජාතිවාදය යොදා ගන්නා බව ඒ මහතා විසින් නිර්මාණය කරනු ලැබූ දෙමළ ජාතිවාදය නම් ප්‍රවාදයෙන් පෙන්වා දී ඇත. එසේම ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට, දෙමළ වීම නිසාම කිසිදු ප්‍රශ්නයක් උද්ගත වී නොමැති බවත් නලින් ද සිල්වා මහතා මෙම කෘතිය මඟින් පෙන්වා දී ඇත. වැඩිදුරටත් ඒ පිළිබඳව අදහස් දක්වන ඒ මහතා බටහිර ශ්‍රී යුදෙවු ක්‍රිස්තියානි යටත්විජිතවාදීන්ගේ අරමුණ වන්නේ මුළූ ලෝකයම ආර්ථික, දේශපාලන හා සංස්කෘතික වශයෙන් තම ග්‍රහණයට නතුකර ගැනීම බවත්, එම අරමුණට බාධාවක් වන ඒ ඒ රටවල ජාතිකත්වයන් විනාශ කිරීමට ඔවුන් කටයුතු කරන බවත් පෙන්වාදී ඇත.

An Introduction to Tamil Racism in Sri Lanka “ප්‍රභාකරන් ඔහුගේ සීයලා, බාප්පලා සහ මස්සිනාලා” යන කෘතියේ ඉංග්‍රීසි පරිවර්තනය.



ජාතියේ ඉරණම
– ප්‍රථම මුද්‍රණය – 1999 ඔක්තෝබර්


එම කෘතියේ නලින් ද සිල්වා මහතා 1992 සිට 1995 දක්වා දිවයින ඉරිදා සංග්‍රහයට සහ දිවයිනට ලියන ලද අන්තර්ගත වේ. එම ලිපි මඟින් දෙමළ බෙදුම්වාදයහා බැඳුණු තරුණ කාරිය පිළිබඳව සාකච්ඡා කර ඇත.

සිංහල අවුරුද්ද 
– පළමු මුද්‍රණය – 2001 මාර්තු


ඉරිදා දිවයින සංග්‍රහය, දිවයින, විදුසර සහකාලය සඟරාවට ලියන ලද ලිපි 12ක් එක්කර මෙම කෘතියසම්පාදනයකර ඇත. එමලිපි මඟින් අවුරුදු නැකැත්වල ඇති වටිනාකම, අවුරුද්දේ තාරකා විද්‍යාත්මක පදනම, අලුත් අවුරුද්ද මඟින් පැහැදිලි වන සිංහලයාගේ නිර්මාණශීලීත්වය ආදී වූ කරුණු පෙන්වාදී ඇත.

මැතිවරණය හා හාමුදුරුවෝ 
– ප්‍රථම මුද්‍රණය – 2004




2004 පැවැති මහමැතිවරණයට ජාතික හෙළ උරුමය යටතේ භික්‍ෂුන් වහන්සේලා, තරග කිරීමපිළිබඳව ඉරිදා දිවයින සංග්‍රහයට ලියන ලද ලිපි 4 ක් මෙම කෘතියේ අන්තර්ගත වී ඇත. එම කෘතියේ නලින් ද සිල්වා මහතා සඳහන් කර ඇත්තේ එම මැතිවරණයට භික්‍ෂුන් වහන්සේලා ඉදිරිපත්කරන ලද්දේ විජාතික බලවේග විසින් බවයි.

පනස් හයේ දරුවෝ
– ප්‍රථම මුද්‍රණය – නොවැම්බර්


නලින්ද සිල්වා මහතා විසින් 1989 සැප්තැම්බර් මස 26 වන දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන ලද පළමුවන බණ්ඩාරනායක සමරු දේශන මෙලෙස පොතක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. 2005 පැවැති ජනාධිපතිවරනයට මහින්ද රාජපක්‍ෂ මහතා තරග කිරීම පදනම් කරගෙන මෙම පොත ප්‍රකාශයට පත් කර ඇත.
  • විද්‍යා කතන්දර
  • අපේ ප්‍රවාද 1, 2, 3
  • පරිසරය හා බටහිර සංකල්ප
  • බටහිර විද්‍යාව, ආසනික් හා දෙවියෝ
  • නිදහසේ පහන් ටැඹ
  • නිදහස දිනා ගැනීම
Share: